Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Feb 27

පසුගිය මාසයේ රජයේ පුවත් වෙබ් අඩවියක් මගින් වාර්තා කලේ සජිත් ප්‍රේමදාස මහතා නැසීගිය ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීතයක් වන "මලට බඹරෙකු සේ" ගීතය බටහිර පොප් රිද්මයකට ගායනා කිරීම නිසා  ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ ශීලා විජේවර්ධන මහත්මිය විසින් බුද්ධිම දේපළ පාදක කර ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බවයි. 

නමුත් පසුගිය සතියේ විරපොකුනේ පැවැත්වූ රැස්වීමකදී සන්ෆලවර් සමග මලට බඹරෙකු ගීතය ගායන කල සජිත් ප්‍රේමදාස පවසා සිටියේ 
"මේ ගිය ගයන  ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේපවුලේ අය මම ගී ගයනවට විරුද්ධයි කියලා ආණ්ඩුව කියනවා.මට ඒ පවුලේ අය කතා කරලා කීවා , කමක් නෑ ඔබතුමා ගීතය ගයන්න කියලා".
යනුවෙනි.

Feb 26

ශලිනි කොහෙද ඔබේ ගම් පළාත?

මගෙ උපන්ගම බලංගොඩ මම මූලික අධ්‍යාපනය ලැබුවෙ බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විදුහලෙන්. පසුව මීගමුව ප්‍රදේශයේ පදිංචියට ආව නිසා මීගමුව නිවුස්ටඩ් විදුහලට ඇතුළත් වුණා.

පසුගිය අවුරුද්දෙ ඔබ උසස් පෙළ විභාගය කළා නේ ද?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ වාණිජ අංශයෙන්. හැබැයි පෞද්ගලික අංශයේ විභාග අපේක්ෂිකාවක් ලෙස. මම පෙනී සිටි විෂයන් සමත්. ඒත් විශ්ව විද්‍යාලයට යන්න ලකුණු මදි. පසුගිය කාලෙ මම සම්පූර්ණයෙන් ම හිත යොදවල තිබුණෙ අධ්‍යාපන කටයුතුවලට.

ඔබ උසස් පෙළට වාණිජ විෂයන් කළේ විශේෂ බලාපොරොත්තුවකින් ද?

මට තේරෙන වයසෙ ඉඳල මට තිබෙන ආශාවන් තමයි, මගෙ ම කියල ව්‍යාපාරයක් පටන් ගැනීම. ඒ අදහසිනුයි මම උසස් පෙළට වාණිජ විෂයන් කළේ. ඒ වගේ ම මට කිසිම අදහසක් තිබුණෙ නෑ කලාවට සම්බන්ධ වෙන්න. ඒ නිසයි මම කලාවට සම්බන්ධ විෂයන් ඉගෙන නොගත්තේ.

පසුගිය දවස්වල රියදුරු බලපත්‍රය ගන්න වෙහෙසුණා නේද?

ඔව්. යන්තම් ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස්.

පාසල් යන කාලෙ තිබුණු වෙනත් බලාපොරොත්තු මොනවද?

ඒ කාලෙ තිබුණ ලොකුම බලාපොරොත්තුවක් තමයි, ගුවන් සේවිකාවක් වීම. කොහොම වුණත් මගෙ ව්‍යාපාරික හීනය මම හැබෑ කර ගන්නවා.

ඔබේ හිත ගිහිං තියෙන්නෙ මොනවගේ ව්‍යාපාරයකට ද?

Feb 26

චයිත්‍රා, ඔබ ගැන වැඩි යමක් දැන ගන්නට ‘රසඳුන’ පාඨකයන් කැමැති වේවි.

මම ඉන්දියාවේ බැංගලෝරයේ කන්නඩ ජාතික පවුලක තරුණියක්. අම්මයි තාත්තයි සහෝදරියකුයි මමයි තමයි ඉන්නේ. මේ මගේ පළමුවැනි චිත්‍රපටය.

චන්නගේ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?

චන්න සර්, ඔහුගේ අලුත් චිත්‍රපටයට නිළියන් තෝරා ගැනීමට ඉන්දියාවට ආවා. එහිදී පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සඳහා මමත් සහභාගි වුණා. අවසානයේ දී ඔහු මාව තෝරා ගත්තා.

සිනමාවේ කුලුඳුල් රංගනය විදේශීය චිත්‍රපටයකින් ඇරඹීමට සිතුවේ ඇයි?

පුංචි කාලේ ඉඳලම මට ඕනෑ වුණේ නිළියක වීමටයි. ඉතින් ඒ අවස්ථාව මට මුලින් ම ලැබුණේ මේ චිත්‍රපටයෙන්.

මේක මගේ රටේ නිර්මාණයක් නොවුණත් එය මට ප්‍රශ්නයක් වුණේ නැහැ.

මම හිතන්නේ මේ චිත්‍රපටය හරහා සිනමාවට පා තැබීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක් ලෙසයි.

භාෂාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ඔව්. සිංහල භාෂාව ගැන කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ.

නමුත් මේ චිත්‍රපටයට මා තෝරා ගැනීමෙන් පසු චන්න සර් ඇතුළු පිරිසගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.

මම වැනි විදේශීය ආධුනික නිළියකට එය විශාල ශක්තියක්.

විදේශීය චිත්‍රපටයක රඟපෑම ගැන ඔබේ පවුලේ අයගෙන් විරෝධයක් එල්ල වුණේ නැද්ද?

අනේ නැහැ. ඔවුන් හරිම බුද්ධිමත්. මගේ උත්සාහයට පවුලේ උදවියගෙන් ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ. මගේ රංගන හැකියාව ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා.

මේ චිත්‍රපටය සාර්ථක වේවි යැයි ඔබ සිතනවාද?

ඔව්. මට විශ්වාසයි.

Feb 26


  
*
      අද මැච් එකට ලසිත් ක්‍රිඩා කරනවා-සංගා

    *
      මුරලිගේ- ලසිත්ගේ පන්දු යැවීම පාකිස්තානුවන්ගේ දැඩි අවධානයට

    *
      හැම දේටම කොළඹ සුදානම්
    *
      ටිකට් ඹ්ක්කම ඉවරයි

    මුරලිගේ- ලසිත්ගේ පන්දු යැවීම පාකිස්තානුවන්ගේ දැඩි අවධානයට
    ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී හෙට ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙන පාකිස්තාන පිතිකරුවන් මුත්තයියා මුරලිදරන් හා ලසිත් මාලිංගගේ පන්දු යැවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ තණතීරුවල භයානක ලෙස පන්දු දඟ කවන්නෙක් බවත් මාලිංග ‘යෝකර්’ පන්දු යවන අභියෝගාත්මක ක්‍රීඩකයෙකු බවත් පාකිස්තාන ක්‍රිකට් නායක සහිඩ් අෆ්රිඩිගේ අදහස වී තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර ක්‍රීඩාපිටියෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මුරලිදරන් දැනට එක්දින කඩුලු 521ක් ලබා ඇති අතර, ටෙස්ට් බිමෙන් සමුගනිද්දී ටෙස්ට් කඩුලු 800ක් ලබා ගත්තේය.
    ලසිත් මාලිංග කැනඩාව සමඟ පළමු තරගයට සහභාගී නොවුනද පාකිස්තානය සමඟ තරගයට අලුත් ජවයකින් එක්වනු ඇතැයි අෆ්රිඩිගේ අදහස වී තිබේ. “ආබාධ තත්ත්වයක් හේතුවෙන් මාලිංග කැනඩා තරගයට නොපැමිණි නිසා අපට තර්ජනාත්මකව පන්දු යවන්න පුළුවන්. ඔහුගේ පන්දු යැවීම කෙසේ වේවිද කියා අපි විමසිල්ලෙන් සිටිනවා” අෆ්රිඩි සඳහන් කළේය.
    මාලිංග – මුරලි හෝ ඕනෑම පන්දු යවන්නෙකුට සාර්ථකව මුහුණදීමට අප බලාපොරොත්තු වෙනවා” අෆ්රිඩි පැවැසීය. මේ අතර ඊයේ ඛෙත්තාරාම ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවැසුවේ මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය අතිශයෙන් වැදගත් බවය. ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මුරලිට උසස්ම උපහාරයක් වනු ඇතැයි කපුගෙදර පැවැසීය. “මුරලි විශේෂ පුද්ගලයෙක් ඔහු විශිෂ්ටයෙක්.” කපුගෙදර සඳහන් කළේය.

Feb 26

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්‌තානය පරාජය කිරීමේ අරමුණ සහිතව කුමර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (26දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සහීඩ් අෆ්රිඩී ප්‍රමුඛ කණ්‌ඩායම මුණගැසෙනු ඇත. ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය වසර 19කට පසු ලෝක කුසලානකදී හමුවන ප්‍රථම අවස්‌ථාවද මෙය වීම විශේෂත්වයකි.
දිවා රාත්‍රී තරගයක්‌ ලෙසින් සහ නවීකරණය කිරීමෙන් අනතරුව ආර.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ප්‍රථම නිල එක්‌දින ජාත්‍යන්තර තරගය ලෙසින් අද පස්‌වරු 2.30ට තරගය ඇරඹීමට නියමිතය.
අදට යෙදී ඇති තරගය සම්බන්ධයෙන් ප්‍රකාශක්‌ කර තිබුණු පකිස්‌තාන පිලේ නායක සහීඩ් අෆ්රීඩී, ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු නොවන නමුත් තරගාවලියේ ඉදිරියට යැම පිණිස සෑම අතින්ම වැදගත් තරගයක්‌ ලෙස සලකා ශ්‍රී ලංකාව සමග තරගය ජයගැනීමට තම කණ්‌ඩායම සියලු ශක්‌තිය යොදන්නේ යෑයි පවසා තිබුණි. ආරංචිමාර්ග වලට අනුව අද තරයේදී, පසුගියදා කෙන්යාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්‌ඩායම වෙනසකින් තොරව නම් කිරීමට පකිස්‌තානය සුදානමින් සිටින නමුත් කැනඩාව සමග ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනස්‌කම් කිහිපයක්‌ අද බලාපොරොත්තු විය හැකිය.
ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට චාමර සිල්වාද, අජන්ත මෙන්ඩිස්‌ වෙනුවට රංගන හේරත්ද තිසර පෙරේරා වෙනුවට ලසිත් මාලිංගද කැඳවීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය මේ දක්‌වා එක්‌දින ජත්‍යන්තර තරග 120ක්‌ ක්‍රීඩා කර ඇති අතර ඉන් 70ක ජය පකිස්‌තානය විසින්ද 46ක ජය ශ්‍රී ලංකාව විසින්ද අත්කරගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේදී දෙරට අතර පවත්වා ඇති තරග 27න් 13ක ජය ශ්‍රී ලංකාවටද 12ක ජය පකිස්‌තානයටද තරග 2ක්‌ ජය පැරදුමෙන් තොරවද අවසන්ව ඇත.
අද තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරගයක්‌ ජයගැනීමේ සම්භාවිතාව (52%) ප්‍රතිවාදී රටෙහි ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාව (26%)ට වඩා දෙගුණයක්‌ පමණ වෙතත් ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර මෙතෙක්‌ පවත්වා ඇති තරග 11 ප්‍රතිඵල අනුව දෙරටම කරට කර සිටියි. මෙහිදී දෙපිලම තරග 5 බැගින් ජයගෙන ඇත. (එක්‌ තරගයක්‌ තීරණයකින් තොරව අවසන්ව ඇත)
අද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම
උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්
පාකිස්‌තානු කණ්‌ඩායම – සහීඩ් අෆ්රිඩි(නායක), අබ්දූල් රසාක්‌, අබ්දූල් රෙහෙමාන්, අහමද් සහසාඩ්, කම්රන් අක්‌මාල්, මිස්‌බා උල්හක්‌, මොහොමඩ් හෆීස්‌, ෂහිඩ් අඡ්මාල්, ෂොයෙබ් අක්‌තාර්, සොහෙල් තන්වීර්, උමර් අක්‌මාල්, උමාර් ගුල්, වහබ් රියාස්‌, යුනිස්‌ ඛාන්, වකාර් යුනිස්‌(පුහුණුකරු)

Feb 26

 ජැක්සන් ඇන්තනි "ප්‍රධිපා" නවීකරණය නිරීක්ෂණය කරමින්

හම්බන්තොට වරාය විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ කරදියවර මංගල්‍යය නම්වූ උත්සවය සදහා රුපියල් තුන්කෝටි හත් ලක්ෂයකට ආසන්න මුදලක් වැයවූ බව වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට සිටියා.


එජාප පාර්ලිමේන්තුමන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමත්‍යවරයා මේ බව හෙලිකරා.


කරදියවර මංගල්‍යයේ ප්‍රාසංගික කටයතු සිදුකොට ඇත්තේ ක්‍රියේටිව් හෙලන් නමැති සමාගම විසිනි.මෙම ක්‍රියේටිව් හෙලන් සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂක ධුරය දරන්නේ ජැක්සන් ඇන්තනි වන අතර එම උත්සවය සදහා සමාගමට ගෙවන ලද මුළු මුදල රුපියල් එක්කෝටි අසූ එක් ලක්ෂ හැට හත්දහස් පනහක් වේ.


මෙම උත්සවයදී විශාල වියදමක් දරන්න සිදු වුයේ ප්‍රධිපා II නමැති බෝට්ටුව වරාය අධිකාරය විසින් මිලියන 10 කට අධික මුදලක් වැයකොට මොනරෙකුගේ ආකාරයට සැරසීම නිසාවෙනි.

Feb 26

වර්තමාන ගුවන්විදුලියේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ ගුවන් විදුලියෙන් සාරධර්ම හා සමාජ ආචාරධර්ම ගැන දේශනා කලත් ඔහුගේ සැබෑ චරිතය එසේ නොවන බව අප වෙත වාර්තා වනවා.


හඩ්සන් සමරසිංහ ගේ පළමු විවාහයෙන් ඔහුට අවුරුදු 28 ක පමණ පුතෙක් සිටින අතර ඔහු පළමු විවාහයේ බිරිඳ හා ඔහුගේ පුතා හිතුමතේ අත හැර ඔහු වෙනත් විවාහයක් කරගෙන අත.


අද වනතෙක් ඔහු තම විසින් හිතුමතේ අතහරින ලද ඔහුගේ පළමු විවාහයේ බිරිඳ හා පුතා ගැන සොයා නොමැත.
අද වන විට ඉතා අසීරුවෙන් කල් ගෙවන එම මව සහ පුතා හඩ්සන්ට විරුද්ධව වචනයක් හෝ කතා නොකරන්නේ ඔහුට ඇති බිය නිසාය.


හඩ්සන්ගේ පළමු විවාහයේ පුතා මේ වන විට අනුන්ගේ ශරීර සම්භාහනය කරමින් තම මව සමග ජිවත් වෙයි

Feb 26

රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයටපත් ‘ ඕලූ’ ටෙලි නාට්‍යයේ ඕලූගේ චරිතයට පණ පෙවූ මංජුලා කුමාරි එහි දෙවැනි කොටස වන ‘ ඕලූ -2’ ටෙලි නාට්‍යයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. මංජුලා, ඇය විසින් ආරම්භ කර ඇති ‘ ඕලූ ක‍්‍රියේෂන්’ නම් සමාගම මගින් ඕලූ -2 ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීමට ඕලූ පළමු කොටසේ නිෂ්පාදකයන් වූ ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉල්ලීමත් සමග ඇතිවූ හබයක් දුර දිගයාමෙන් ඇය මෙම ටෙලි නාට්‍යයෙන් ඉවත් කර ඇතැයි පැවසේ. අදාළ සිද්ධියත් සමග ස්වර්ණවාහිනිය විසින් ඕලූ පළමු කොටසේ රඟපෑ සියලූම නළු නිළියන් ඉවත්කර අලූත් නළු නිළියන් යොදා ගෙන ඇතැයිද වාර්තා වේ. කෙසේවුවද මේ වන විට ඕලූ -2 ටෙලි නාට්‍යයේ වැඩ ආරම්භ කර ඇතැයිද එහි ප‍්‍රධාන චරිතය සඳහා මංජුලා වෙනුවට කාංචනා මෙන්ඩිස් ගෙන ඇති බව කාලා ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඕලූ හි ප‍්‍රධාන නළුවා වූ සුරාජ් මාපා ද ඕලූ -2 නාට්‍යයෙන් ඉවත්කර එහි ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට මේනක රාජපක්‍ෂ ගෙන ඇතැයි ද පැවසේ.

Feb 25




Feb 25

ලනඩනයේ පිහිටා ඇති පර්යේෂණ හා උපදේශන සමාගමක් වන Economist Intelligence Unit's (EIU) විසින් කරන ලද සමීක්ෂණයකට අනුව රටවල් 140 ක් අතුරින් ජීවත්වීමට නුසුදුසුම නගර 10 ට කොළඹ නගරයත් ඇතුලත් වී තිබේ.


මෙම සමීක්ෂණයට පාදක වී ඇති සංරචක වන්නේ 

  • ස්ථායිතාවය 
  • සෞඛ්‍ය හා සනීපාරක්ෂාව 
  • සංස්කෘතිය හා පරිසරය 
  • අධ්‍යාපනය
  • යටිතල පහසුකම් වේ.
මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන පරිදි ලොව ප්‍රධානතම ක්‍රීඩා උත්සව වල සත්කාරක රටවල් ලෙස පත්වී ඇත්තේ මෙම දර්ශකයේ ඉහලම අගයක් ගන්න රටවල් වුවත් 2011 ලෝක කුසලානයේ සත්කාරක රටවල් ලෙස මෙම දර්ශකයේ පහලම සිටින රටවල් වන බංගලාදේශය හා ශ්‍රීලංකාව වැනි රටවල් තෝරාගෙන ඇති බවයි.
ජිවත් වීමට සුදුසුම නගර 10 හා නුසුදුසුම නගර 10 






Feb 25

 ජනාධිපතිතුමාට පිළිකාවක් ඇති බව හා වෙනත් අසත්‍ය ප්‍රචාර ගෙනයන උදවිය සෙවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් භික්ෂු වෙස්ගත් පිරිසක් යොදා ඇත.

මේ අනුව ජනපතිතුමා පිලිබඳ අසත්‍ය ප්‍රචාර හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ගෙන යන පිරිස් පිළිබද වාර්තා එකරැස් කරගැනීම සිදුවේ.ඉහලින් නියෝග ලැබෙන තුරු කිසිවෙක් අත්අඩංගුවට නොගන්නා ලෙසටද නියෝග ලැබී ඇත.

Feb 24

එන්න දිනවන්න ගීතය තහනම් වෙයි! 
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් නිල ජයඝෝෂා ගීතය ලෙස එලි දැක්වුණු ලහිරු පෙරේරාගේ "එන්න දිනවන්න"ගීතය තහනම් කොට ඇත.
ගීතයේ අනෙක් රටවලට අපහාස වන පරිදි රචනා වී ඇති නිසා ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගීතය වාදනය කිරීම අත්හිටුවීමට දැනටමත් පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් එකඟතාවය පලකොට ඇත. 
.......... 
මනුරංග විජේසේකර විසින් රචනා කරන ලද ලහිරු පෙරේරා ගායනා කරන "එන්න දිනවන්න" ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය ලෙස එලි දක්වන ලදී.

නමුත් එම ගීතයේ පද රචනයට දිගින් දිගටම මාධ්‍ය හරහා විවේචන එල්ල වෙන්න පටන් ගැනුනි.මෙම ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය කිරීම පිළිබද පැමිණිල්ලක් ජනාධිපතිවරයාටද යොමුකොට තිබිණි.


ඒ අනුව ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා ඇමතිවරයාට ලහිරුගේ ගීතය වෙනුවට වෙනත් ගීතයක් සකස් කරන ලෙස නියෝග කරනු ලැබිණි.ඒ අනුව මොබිටෙල් සමාගමේ අනුග්‍රහය යටතේ රූකාන්ත හා චන්ද්‍රලේකා විසින් ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල උපහාර" ගීතය නමින් ගීතයක් නිර්මාණය කොට ඇත.
එන්න දිනවන්න ගීතය බංගලාදේශයේ පැවති ලෝක කුසලාන සමාරම්භක උත්සවයට ගායනා කිරීම සදහාවත් අවසර ලැබී නොතිබිණි.

Feb 23



Feb 23




Feb 23




Feb 22


Feb 21


සිනමා නිළි විනූ වෙත්තමුණි මහත්මියගේ ඝාතනය කොන්ත‍්‍රාත්තුවක් මත සිදුවූයේ යැයි සැකයක් මතුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේවුවද මීට පෙර ඇය විසින් ගල්කිස්ස ප‍්‍රදේශයේ ගණිකා මඩමක් පවත්වාගෙන ගියේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන නඩුවක් ගොනුකර තිබූ අතර, අදාළ සිද්ධිය සම්බන්ධ ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී ඇතැයි ද යන සැකයක්ද මතුව ඇති බව පැවසේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිස් ආරංචි මාර්ගවල සඳහන් වේ.

පරීක්ෂණවල රහසිගතභාවය හේතුවෙන් එලෙස අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයන් කවුරුන්දැයි පොලිසිය විසින් හෙළි නොකිරීමට ද කටයුතු යොදා තිබේ.

Feb 21


 ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව මිරිහාන පොලීසිය පවසයි. ඇයගේ ප්‍රකාශයට අනුව මෙම පහරදීමට සිය සැමියා සම්බන්ධ බවට හෙළි වී ඇති බව මිරිහාන ‍මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සදහන් කර තිබේ. ඒ අනුව ඔහුට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවද මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.

අදාළ පුද්ගලයා පොලීසියට භාරවනු ඇති බවට පොලීසිය විශ්වාසය පල කරයි. සිදුකළ පහරදීමෙන් තුවාල ලැබු  උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විටත් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


Feb 21


පසුගිය  දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් අපේ රටේ අසභ්‍ය නිලියන් ගේ ඡායරූප ප්‍රසිධියට පත් කිරීම  හා එවැනි වීඩියෝ දර්ශන ඇතුලත් වෙබ් අඩවි දහස් ගනනක් තහනමට පත්  කෙරින.එම  කාර්යය අප  ඉතා  අගය  කරන්නෙමු.එහෙත් එම  වෙබ්  අඩවි දැන් දැන් වෙනත්  නම් භාවිතා කරමින්  හිස  ඔසවමින් සිටින  බව දකින්නට ඇත.අප  අද  කතා  කරන්නේ  මේම  තහනම් කරන  ලද වෙබ් අඩවි ගැන  නොවේ.අද කතා  කරන්නේ අසභ්‍ය වෙබ් අඩවි තහනම්  රටේතවමත්  තහනමට  ලක් නොවු  ඇලෙක්සා වෙබ් ශ්‍රේණිගත කිරීම්  අනුව  ලංකාවේ ජනතාව  නරබන වෙබ්  අඩවි  අතර 53 වන ස්ථානයේ සිටින ලාංකීය අසභ්‍ය දර්ශනද ඇතුලත් වෙබ්  අඩවිය  ගැනයි.මෙය  පමනක්  ඉතිරි වුයේ  කෙසෙද? මින් පෙර  මෙහි  තිබු අනෙකුත්  අසභ්‍ය වෙබ්  අඩවි දැන් නැත එහෙත් මෙම  අඩවිය  පමනක්  ඉතිරිවී ඇත.මෙය හිතාමතා  කරන  ලද්දක්  ද? අතපසු වීමක් ද? කෙසේ  වෙතත්  වගකිව යුත්තන්  ගේ අවදානය යොමුවේවායි අපි බලාසිටින්නෙමු.

 

සමාවන්න අපට  එම වෙබ් අඩවියේ නම  සදහන්  කල  නොහැක

Feb 21


Feb 21

18 උදැසන 10:30 ට පමණ කොට්ටාවේ පහිටි බාටා වෙළදසැලේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගත් අතර ගොඩනැගිල්ල මුළුමනින්ම පාහේ ගින්නට හසු විය. 




Feb 21


දේශපාලන සමාජය මේ දිනවල සූදානම් වෙන්නේ පුංචි ඡන්දයට. නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ කොට්ඨාස ක‍්‍රමයට ඡන්දය පවත්වනවා කියලා මීට පෙර ප‍්‍රකාශ වුනත් පරණ ක‍්‍රමයට ම ඡන්දය තියන්නයි රජය සූදානම් වෙන්නේ. මේකට එක්සත් ජාතික පක්ෂයත්, වැඩි කැමැත්තක් පළ කළේ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ, ආණ්ඩුව තමන්ගේ වාසියට බොහෝ දේවල් කරනවා කියලා. පුංචි ඡන්දය ඇතැම් පළාත් පාලන ආයතනවල නොපැවැත්වෙන්නේ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය හේතුවෙන්. එකවර ඡන්දය පවත්වන්නේ නැත්තේ ඇයි කියලා විපක්ෂයේ ඇතමුන් ආණ්ඩුවෙන් අහනවා. කොහොම වුනත් දැන් නාමයෝජනා සඳහා දිනත් නියම කරලා අවසන්. පුංචි ඡන්දය පරණ ක‍්‍රමයට මෙහෙම තියෙන එක ගැන ඔබේ අදහසත් අපට කියන්න…

Feb 20

පසුගිය දා හම්බන්තොට සුරියවැව මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගනය අධීක්ෂණයට පැමිණි ජගත් ක්‍රිකට් සමුළුවේ තණතීරු විශේෂඥයන් ක්‍රීඩා පිටියේ තණතිල්ලේ වේයන් ඇති බව පෙන්වමින් ක්‍රීඩාංගනය කෙරෙහි සිය අප්‍රසාදය පලකොට ඇත.

චීන සමාගමක් මෙහි ඉදිකිරීම් බාරව කටයුතු කරන අතර යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ පිරිසක්ද ඉදිකිරීම් සදහා යොදවා ඇත.තවද ක්‍රීඩාංගනයේ රාත්‍රී තරගයක් පවත්වා මේ වනතෙක් විදුලිපහන් පරික්ෂාකොට නොමැත.

Feb 18

මධු මාධව අරවින්ද පසුගිය 14 වනදා යුග දිවියට එළඹුණා.ඔහුගේ නව මනාලිය වුයේ වෘතියෙන් ගුරුවරියෙකු වූ රෙනුෂායි.

Feb 18

update..
 උපේක්ෂා ස්වර්ණමාලි ගේ සැමියා විවාහයේ පෙර සිටම ඇය සමග ගැටුම් ඇතිකරගෙන ඇතිබවත් තුවාල ඇතිවූ පසු ඔහුම බෙහෙත් දාන බවත් අද රිවිර පුවත්පතේ ලිපියකින් අපුරු හෙළිදරව්වක් සිදුකරනවා.ඒ අනුව පසුගියදා ඇති වූ ගැටුම සිදුවී ඇත්තේ මෙසේයි.

පෙබරවාරි 15 වනදා සවස 7.30 ට පමණ පබා සහ සැමියා ඔවුන්ගේ උඩහමුල්ලේ නිවසින් පිරව ගියේ හෝමාගම ඇගේ අම්මාගේ නිවසටයි.


කෙටි වෙලාවක් එහි රැදිසිටි ඔවුන් පිළියන්දල පිහිටි සැමියාගේ අම්මාගේ නිවසට යාමට පිටත් වුහ.ඒ අතරතුර පබාගේ මවගේ නිවස අසල කෙනෙකු දේශපාලන උදව්වක් ඉල්ලා දුන් දුරකථන ඇමතුමක් සිහිපත් කර සැමියා පබා සමග බහින්බස් විය. 

මොහතකින් එය නැවතුනද ඔගු වාහනය පදවුයේ ඉතා වේගයෙනි. කේන්ති ගිය අයුරිනි.පිළියන්දල නිවසට ගොස් විනාඩි කීපයක් නිවසේ රැදුණු සැමියා තනිවම නැවතත් පිටතට ගිය අතර ඔහුගේ දුරකතනයට පබා සහ ඔහුගේ මව දුන් දුරකථන ඇමතුම් කිසිවකට ඔහු කතා කලේද නැත.

"මගදී ආරවුලක් ඇතිකරගත්තේ මෙවැනි ගමනක් යන්නද?"


යනුවෙන් පබා ඔහුගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යැවිය. එයටත් උත්තරයක් ලැබුනේ නැත.රාත්‍රී 11 ට පමණ නැවත ඔහු පැමිණි අතර ඔවුන් දෙදෙනා ඉන්පසු පිළියන්දල උඩමහල නිවසට පැමිණ ඇත.
නිවසට පැමිණි සැමියා පබාගේ කෙටි පණිවිඩය දුටුවේ එවිටය.


"මෙහෙම එකක් එව්වේ ඇයි? "


ඒ කෙටි පණිවිඩය එවන්නට හේතුව අසද්දී පබා හේතුව කීවාය.


"මම හිටපු තැන පෙන්නනම්, ඊට පස්සේ හොද පාඩමක් උගන්නනවා".


සැමියා එසේ කියා පබා ද, ආරක්ෂක නිලධරියෙකු සමග එවෙලවේම පිළියන්දල බලා පිටත්විය.ඔහු ගියේ ඔහුගේ මිතුරෙකුගේ නිවසටයි.ඒ නිවසේ ගරාජයේ මත්පන්බෝතල් හා විදුරු තිබුන ස්ටුලයක් පෙන්විය. 


"මෙන්න මෙතන මම හිටියේ" ඔහු පබාට කිවේය.


එහි කිසිදු බහින්බස්වීමක ස්වරයක් නොතිබිණි. ඔහු සුහදව කතා කළේය.යලිත් වේගයෙන් රිය පදවාගෙන උඩහමුල්ල නිවසට පැමිණි නමුත් පබා සමග වචනයක්වත් කතා කලේ නැත. වාහනය නිවසට ආවද පබාට නිවස තුලට යන්න බියක් දැනුනි.

"මට පාඩමක් උගන්නවා කිව්වේ මොකක්ද"?


ය වහනයෙන් නොබැසම ඇසුවාය. ඒ මොහාතේ ආරක්ෂක නිලධාරියාද වාහනයෙන් බැස ගොස් සිටියේය.

පබාගේ පැනයට සැමියාගෙන් ලැබුනේ අතමිට මොලවා පහරවල් කීපයකි. ය දතින් මුහුණ වසාගත්තද කන ලගට ඔහුගේ පහරවල් වැදුනේය. අනතුරුව වාහනයෙන් බැසගත් සැමියා පබාවද බිමට බැස්සුවේය.

පබා එලියට ඇවිත් ගරාජයේ බිම ඇදවටුන අතර ඇගේ සැමියා යව පොලව දිගේ ඇදගෙන ගියේය.වැඩිදුර අයව බිම දිගේ ඇදගෙන යාමට ඇමති ආරක්ෂකයින් ඉඩ නොදුන් අතර ඔවුහු යව බේරා ගත්හ.

නමුත් එලව එලවා ඔහු යට පහරදුන් අතර පබා දුවගොස් ආරක්ෂකයන්ගේ කාමරයකට වැඩ දොර වසාගත්තාය.ඇගේ සැමියා දොර කඩාගෙන ඇතුලට විත් ලීයකින් යට පහර දෙන්න හැදුවේය. 

නමුත් ඔහුට පහරදෙන්න නොහැකිවිය. ඒ ආරක්ෂකයින්ගේ මැදිහත්වීම මතය.යට ගෙදරින් යන ලෙස ඔහු ඒ මොහතේම කිවේය. ඒ අනුව ගෙදරින් පිටතට ගිය පබා අසල්වැසි නිවසක රැකවරණය ලැබුවාය.
... Source from - Rivira News Paper

උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට පිවිසීම හා පක්ෂ මාරුව පිටුපස ඇගේ සැමියා මහේෂ් චාමින්ද ප්‍රබල චරිතයක් නිරුපනය කල බව වාර්තා වේ.



ලක්බිම පුවත්පතේ සදහන් වන ආකාරයට ,පිළියන්දල ප්‍රදේශයේ පිහිටි උපේක්ෂා ගේ සැමියා වන මහේෂ්ගේ මහා ගෙදරට දෙදෙනාම 15 වන දා ගොස් ඇති බවත් එහි සිට සිය නිවසට ඔවුන් නැවත ගමන් කිරීමේදී ගැටුමක් ඇති වී ඇත.

උපේක්ශාට වාහනයේ සිටම මහේෂ් පහරදීම සිදු කර ඇති අතර ඔවුන්ගේ නිවස අසලට පැමිණි විට වාහනය නවත්වා අතින් පයින් පහර දෙමින් බිම දිගේ ඇදගෙන ගොස් ඇත.

මෙම අමානුෂික පහරකෑම ඉවසාගත නොහැකිව උපේක්ෂා නිවසේ කාමරයකට වැදී දොර වසාගෙන ඇත.පසුව අගේ ආරක්ෂකයන් මැදිහත් වී ඇයව රෝහල් ගතකොට තිබේ.  

Feb 14


තවත් අභිරහස් යානයක් මුල්ලෙරියාවෙන් 

පසුගිය 5 වනදා රාත්‍රී 11.30 ට පමණ සේවය නිමවී යතුරු පැදියෙන් නිවසට යන නිවසට එන සිරිපැරකුම්බා මාවතේ පදිංචිකරුවෙක් එම මාවතට ඇතුළු වන තැනදී තමන් අඩි 100 කට පමණ ඉහල අහසේ නැවතී තිබෙන කවාකාර වස්තුවක් දුටු බව කියයි.එහි ඔහු දුටු පැත්තේ දීප්තිමත් ආලෝක ලප 6 ක් වූ බවද වාර්තා වේ.ඔහු සිය යතුරු පැදියේ නැගී මෙම වස්තුව පිටුපස ලුහුබැද ගියද එය අසල වෙල් යායක් අද්දරින් අතුරුදන්වී ඇත.

සිද්ධිය අසා සිටි එම මාවතේ පදිංචි තවත් පුද්ගලයෙක් ඊට පසු දින රාත්‍රියේ 11:45 - 11:55 පමණ වන විට එම හදුනා නොගත් වස්තුව දැක ඇත.ඔහු දැක ඇති වස්තුව අර්ධ කවාකරා වස්තුවක් වන අතර ඔහු දුටු පැත්තේ  අලූක ලප තුනක් තිබී ඇති අතර දෙපසින් නිවී නිවී දැල්වෙන ආලෝකයක්ද දැක ඇත.


Feb 14

මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වුයේ මොනරාගල, බුත්තල පිහිටි වසාදමා ඇති විශ්වවිද්‍යාල පරිශ්‍රයේය.එනම් ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය වන සියඹලාන්ඩුවට කිලෝ මීටර් 40 කට මෙපිටිනි.
මෙම ප්‍රදර්ශනය පවත්වන ඉඩම ගොඩ කල ඉඩමකි.ඒ නිසාම එය සුළු වැස්සටත් මඩ වේ.අවටින් එක්රැස් වන වතුර ගොඩ වන්නේද මෙම ඉඩමටය.දැයට කිරුළ ප්‍රදර්ශනය සමයේ ඇද වැටුන වැස්ස නිසා ප්‍රදර්ශන භූමියද වැසි දිනවල මඩ වලක් විය.

වෙළදකුටි ලබා දී තිබුනේ රුපියල් 40000 සිට 70000 දක්වා කුලියකටය.මුල්දිනවලදී වැස්සෙන් හානියක් නොවුනත් පසුව ඇදහැලුන වර්ෂාව නිසා වෙළදකුටි ලබාගත් පිරිස් වලට සිය වෙළද බාන්ඩ මඩවූ භුමියේ තබා ගත නොහැකිව සිටියහ.


අපූරූ නියෝග
දැයට කිරුළ ඇරඹීමට පෙර මග දෙපස පාරවල් හෝදා දැමීමට අපුරු නියෝගයක් මාර්ග සංවර්ධන අධිකාරියට ලැබුනේය.එමෙන්ම බුත්තල ප්‍රදේශයේ කඩ සාප්පු වලටද තීන්ත ගා අලුත් වැඩියා කරන ලෙසට නියෝග ලැබී තිබුණි.

Feb 13

පසුගිය කාලය පුරාම දේශපාලන කරලිය උණුසුම්ව තිබුනේ ජනාධිපතිගේ හදිසි ඇමරිකා ගමන ගැනය.ඒ සමගම එම ගමනට විවිධ අර්ථකථන දේශීය හා විදේශීය මාධ්‍යය වලින් ලබා දුනි.

එයින් වඩාත් පැතිර ගිය කතාව වුයේ ජනාධිපතිට පිළිකාවක් වැලදී ඇති බවයි.මෙය ලැව්ගින්නක් සේ පැතිර ගිය පසු ජනාධිපතිතුමන්ට සෑම දෙසින්ම දුරකථන ඇමතුම් ගලාගෙන එන්න විය.

ආගමික නායකවරු හා වෛද්‍යවරුන් ඒ අතර විය.එසේ කතා කල ආගමික නායකවරුන් පවසා සිටියේ ජනාධිපතිතුමාට සෙත් පැතීමට දිවයින පුරා පින්කම් සවිධානය කල හැකි බවයි. 

මේ සියලු කටකතා වලට පිළිතුරු දීමට ජනාධිපතිතුමා යොදාගත්තේ නිදහස්දින උත්සවයයි. එහිදී රැස්ව සිටි පිරිස අමතු එතුමා
,

"මේක හරි ප්‍රශ්නයක් වෙලා.මට අසනීපයි කියල හාමුදුරුවනේ හැමතැනම කතාවක් යවල.
මට දොස්තරලා කතා කරනවා,හාමුදුරුවරු කතා කරනවා,පිරිත් කියන්නද කියල අහනවා,නමුත් මම මේ හැමෝටම කිව්වේ මේ වගේ කට කතා ප්‍රචාරය කරන්නේ විපක්ෂයේ ඉන්න දේශපාලන ලෙඩ්ඩු ටිකක් කියල."

නිදහස් දින උත්සවයෙන් පසුව ජනාධිපතිතුමාට වැටහී තිබුනේ ආණ්ඩුවේ සිටින ඇතැම් අමාත්‍යවරුන් අතරද මේ පිලිබදව සැකයක් ඇති බවයි.

ඒ නිසා ඔවුන්ගේ සැකය දුරු කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා මේ පිළිබද ඉතා සැහැල්ලුවෙන් කතා කලා.


"දැන් විපක්ෂයට සටන් පාඨ නෑ.පහු ගිය කාලයේ විපක්ෂය මට එක එක ඒවා කියා කියා ගැහුවා.හැබැයි ඒ කිසිම දෙයක් රටේ ජනතාව සත පහකට ගණන් ගත්තේ නෑ.දැන් මේ ය මගේ ඇ
ගේ තියන අවයව අල්ලාගෙන සටන් පාඨ ගෙන්න හදනවා.

මං ඇමරිකාවට ගියේ පොඩි විවේකයක් ගන්න.මං ජනාධිපති උනා කියල දවස් පහ හයක් පිටරටකට ගිහිල්ල විවේකයෙන් ඉන්න බැරිද? ලෝකයේ මේ තරම් ජනාධිපතිවරු ගිහින් ඉන්නේ. මමත් ගිහින් විවේක ගත්ත.

මෙන්න බොලේ මෙහෙ ඉන්න කට්ටිය මගේ ශරීරෙ කොටස් අල්ලාගෙන කටකථා යවල.හැම කෙනාම කතා කර කර මගෙන් අහනවා.
වැඩේ කියන්නේ මේ යක්කු මට අවශ්‍ය කරනම දෙයක් අල්ල ගෙනනේ මේ කට කතා යවල තියෙන්නේ."

Feb 13

Aldeasa නම් විදේශ සමාගමක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවත්වාගෙන යන තීරු බදු රහිත මත්පැන් හලේ කාලය ලබන මැයි මසින් අවසන් වීමට නියමිතය.

කාලය අවසන් වන මෙම මත්පන්හළේ අයිතිය ලබා ගැනීමට මේ වන විට තරගයක් ඇතිවී තිබේ.ඒ විදේශීය සමාගම් දෙකක් සහ ඔඩෙල් හිමිකාරිනිය අතරය.

මෙම තීරුබදු රහිත මත්පැන්හල් වලින් මසකට රුපියල් දශලක්ෂ 30-40 ත් අතර ප්‍රමාණයක් උපයන බව වාර්තා වේ.ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් වැඩිවීමක් අපේක්ෂා කරන හෙයින් ආදායම තවත් වැඩි විය හැක.

Feb 11

ලෝක කුසලානය ලන්වෙත්ම එහි උණුසුම අපිට කාටත් වැඩි වැඩියෙන් දැනේන පටන් ගෙන ඇත. විශේෂයෙන් ලෝක කුසලානය වෙනුවෙන් ලංකාවේ නිර්මාණය වු ගීත වැ‍ඩි ප්‍රමාණය නිකුත් වි හමාරය. අපි දැන් කියන්න යන්නේ එවැනි තවත් නිර්මානය වු ගීයක් ගැනය. මෙම ගීතයට ආසියාතික රටවල් කලා කරුවන් දායකව වි ඇත. එම ගීතයේ විඩියෝ  අද අපිට ලැබුනි. එම ගීත සදහා AKS Featuring Sajjad Islam, Kamran Ahmed (Pakistan), Tausif Ahmed (Bangladesh), Sherrin Varghese (India) සහ ලංකාවෙන් නතාෂා රත්නායක එම නිර්මාණයට දායක වි ඇත.

Feb 11

2011 ලෝක කුසලාන තරගාවලියට නම් කර සිටින නෙදර්ලන්ත ක‍්‍රිකට් කණ්ඩායම අද (09) උදෑසන දිවයිනට පැමිණියා. හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ, ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් අද (09) උදෑසන 8.30ට නෙදර්ලන්ත කණ්ඩායම ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බවයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගයකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේදී බී කණ්ඩායම නියෝජනය කරන නෙදර්ලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාව තුළ දී තවත් පුහුණු තරග කිහිපයකට මුහුණදීමට නියමිතයි.

Feb 11

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (09) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රඹෑව ප්‍රදේශයේ විපතට පත් ජනයාගේ දුකසැප සොයා බලන්නට සංචාරයක නිරතවිය.එහිදී ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් හමුවී පීඩාවට පත් ජනයාට සහන සැලසීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව කියැවේ. කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පවුල් 607 ක් අවතැන්ව ඇති අතර පුද්ගලයින් 2079 ක් එයින් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. මෙම පිරිස සුබසාධන මධ්‍යස්ථාන 10 ක දැනට රඳවා අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයා රඹෑව ප්‍රදේශයේ ජනතාවගේ දුකසැප බෙදාගත් අයුරු .

Feb 11

මෙරට ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලයක් වන එටිසලාට් සිය පෙර ගෙවුම් පාරිභෝගිකයින් වෙනුවෙන් ට්‍රයිටෙල් සමාගම සමග නවතම සේවාවක් හඳුන්වා දෙයි.

මේ අනුව, රටපුරා පිහිටි 1600 ක් පමණ වන ට්‍රයිටෙල් දුරකතන කුටිවල පිහිටුවා ඇති දුරකතන යන්ත්‍ර වලට මුදල් දමා සිය පෙර ගෙවුම් සම්බන්ධතාවය මෙතැන් සිට ඊ-ලෝඩ් කරගත හැකිබව එටිසලාට් සඳහන් කරයි.

“අපි ට්‍රයිටෙල් සමග එක්ව මෙම සේවාව ඇතිකළා. මොකද? මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ඊ-ලෝඩ් කිරීමේ වෙළඳපොළ වර්ධනය වෙමින් තිබෙනවා.“

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් එටිසලාට් ප්‍රධාන විධායක, දුමින්ද්‍ර රත්නායක කීය.

Feb 11

ඩූම් ති‍්‍ර චිත‍්‍රපටයේ දුෂ්ඨ චරිතය රගපාන්න සුපිරි නළු අමීර් ඛාන් කැමති වුණා කියලා අපි ඔබට මීට පෙර කිව්වනේ. එතකොට අමීර් එක්ක මේ චිත‍්‍රපටයේ රගපාන ප‍්‍රධාන නිළිය කවුද? දැනට නම් තුනක් යෝජනා වෙලා තියෙනවා. කති‍්‍රනා කයිෆ්, දිපිකා පදුකෝනි සහ පි‍්‍රයංකා චොප්රා ඒ තිදෙනායි. දීපිකාටයි, පි‍්‍රයංකටයි මේ අවුරුද්දේ හෙල්ලෙන්නවත් ඉඩක් නැලූ. ඒ තරමට වැඩ. කති‍්‍රනා කයිෆ් මේරේ බ‍්‍රදර් දුල්හන් චිත‍්‍රපටය විතරයි භාර ගෙන තියෙන්නේ. අනිත් එක ඩූම් තී‍්‍ර යශ් රාජ් නිෂ්පාදනයක්නෙ. මේ දවස්වල යශ් රාජජ්ලගෙ හිත දිනාගෙන ඉන්නෙ කති‍්‍රනා කයිෆ්. ඒ කියන්නේ ඩූම් තී‍්‍ර චිත‍්‍රපටයේ අමීර් ඛාන් එක්ක අපිට කති‍්‍රනාට දකින්න ලැබෙයි.

Feb 11

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන නවක ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ඉදිරි සති කිහිපය තුළ දී මුරලිදරන් විසින් තමන්ගේ තීරණය පිළිබඳ නිල වශයෙන් දැනුම්දෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම්කාරක නිලධාරී ජොර්ජ් චැපල් මහතා ඩේලි ටෙලිග්‍රාප් මාධ්‍යයට සඳහන් කර ඇත.

මුත්තයියා මුරලිදරන් ලෝකයේ සුපිරිතම දඟ පන්දු යවන්නෙකු බවද,ඔහුගේ සේවය ලබා ගැනීමට හැකිවීමට තරම් තමන් වාසනාවන්ත වී ඇති බවද ජොර්ජ් චැපල් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

එසේ වුවද මුරලිදරන් යනු පන්දුව දමා ගසන, නෝ බෝල් පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස වරෙක ප්‍රකාශයට පත් කරන ලද්දේද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ ඩැරල් හෙයා විසින් බවද ඩේලි ටෙලිග්‍රාප් විසින් සිහිපත් කර තිබේ.

Feb 11

 

 ශී‍්‍ර ලාංකේය බොලිවුඞ් තරුව ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් ‘මර්ඩර් -2’ චිත‍්‍රපටයේ සම්පූර්ණයෙන් නිරුවත් රංගනයේ යෙදෙන ජවනිකා ඇතැයි යන රාවයත් සමග මේ දිනවල මුළු බොලිවුඩය කැළඹී ඇත.
තමන් දායක වන නිර්මාණයේ අවශ්‍යතාවය මත නිරුවත් දර්ශනයක වුවද රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප‍්‍රකාශ කිරීමත් සමග මේ උණුසුම දෙගුණ තෙගුණවී ඇතැයි ද පැවසේ.

එසේම මෙම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ මෝහිත් සූරි කියාසිටින්නේ ‘මර්ඩර් -2’ සරාගී රංගනයෙන් පිරුණු චිත‍්‍රපටයක් බවයි. එහෙත් මෙම චිත‍්‍රපටියේ ජැකොලයින් නිරුවතින් රඟපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව ස්ථිරව ප‍්‍රකාශ කිරීමට අධ්‍යක්ෂ මෝහිත් සූරි අසමත් ව ඇත. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මීට පස්වසරකට පෙර චිත‍්‍රපටයකට සිපගැනීමේ දර්ශන හා ප‍්‍රසිද්ධ නිළියකගේ පිටුපස නිරාවරණය වන ආකාරයේ ජවනිකා ඇතුළත් කළ විගස පේ‍්‍රක්‍ෂකයන් ඇද ගත හැකි වුවත් විසිඑක් වැනි සියවසට එය ප‍්‍රමාණවත් නොවන බවත් සඳහන් කර තිබේ. එසේම මෙතෙක් දැක තිබෙන සරාගී චිත‍්‍රපටවලට වඩා යමක් ‘මර්ඩර් -2’ චිත‍්‍රපටයේ ඇති බවත් ඔහු ප‍්‍රකාශ කර ඇත.
කෙසේවුවද මෙම චිත‍්‍රපටය තිරගත වීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි බොලිඩුච් ආරංචිවලින් වාර්තා කරයි.

Feb 11


Feb 11


පසුගිය දා නිමවූ 19 යෙන් පහල ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රීලංකා කණ්ඩායම කොළඹ සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටි අතර 19 පහල කණ්ඩායමේ සිටින අදාළ ඇමති පුතු රුසියන් කාන්තාවක් සමග කාමරයේ සිටියදී බලධාරීන්ට හසු වී තිබේ.

ඒ අනුව ඇමති පුතු සහ ඔහුට සහය වූ තවත් ක්‍රීඩකයෙකු විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්කොට ඇති බව වාර්තා වේ.ඉවත් කල අමතිපුතු ලකුණු අතර සිටින දක්ෂ ක්‍රීඩකයෙක් බවද සදහන්.

Feb 10


Feb 10

කඩුවෙලත් බියගමත් අතර ප්‍රදේශය තුළදී පෙරේදා (07 වැනිදා) රාත්‍රියේ අහසේ අභිරහස්‌ ආලෝකයක්‌ කටුනායක ගුවන්තොටුපළේ සිටි ගුවන්ගතවූ ගුවන්යානා නියමුවෙකු දැක තිබේ.  

එම ගුවන් නියමුවා පවසන ආකාරයට ඉතා තද ආලෝකයක්‌ තම ගුවන් යානය දෙසට හදිසියේම එල්ල වී ඇත. 

ඊට සුළු වේලාවකට පසු මෙම අභිරහස්‌ ආලෝකය ඉතා වේගයෙන් ගමන් කරනු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු දැක ඇත. 

මේ පිළිබඳ නවගමුව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම ආලෝකය කුමක් විය හැකිද? පිටසක්වල යානාවක්ද? එසේත් නැතිනම් නියමුවන් රහිත ගුවන් යානයක්ද? 



දිවයින ඇසුරිනි

Feb 10

ලංකාවේ රුපවාහිනී වැඩසටහන් අතුරින් බොහොමයක් ඇත්තේ තරු වැඩසටහන්ය.

අලුතින්ම හදුන්වා දීමට යන තරු වැඩසටහන වන්නේ හොඳම බන්ධනාගාර රැඳවියා තෝරා ගැනීමේ වැඩපිළිවෙලයි.

මේ බව සදහන් කරේ  පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා ඊයේ පවතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

සිරගෙය තුළ විනයානුකූලව කටයුතු කිරීම, විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දක්ෂතාවයන් දැක්වීම වැනි කරුණු පදනම් කරගෙන හොඳම බන්ධනාගාර රැඳවියා තෝරා ගැනීමේ කටයුතු සිදුකෙරෙනු ඇති අතර ජයග්‍රාහකයා එළිමහන් සිර කඳවුරකට යැවීම, නිවසේ සාමාජිකයින් පැමිණි විට ඔවුන් සමඟ වැඩි කාලයක් ගත කිරීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

Feb 09




Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...